master
New Page 1

දෙරණ 360 දී කැළෑ පාලුවා අසරණ වෙයි.. ඊතලය නිව්ස් ප්‍රවෘතියක් බොරුවක් යැයි කියයි (Video)


2017-01-10 09.37 PM -  572 යි

දෙරණ රූපවාහිණියේ 360 වැඩසටහන ඊයේ (9) දිනයේ සහභාගී වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් එහිදී දැඩි අපසුතාවට ලක්විය. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපොහොසත් වූ ඇමතිවරයා විල්පත්තු ප්‍රේරක කළාපයේ කිසිදු වන සංහාරයක් සිදු නොවන බව දිගින් දිගටම කියා සිටියේය. එමෙන්ම අප වෙබ් අඩවියේ පලකල "විල්පත්තු රිෂාද් ඉන්දීය රන් ජාවාරමටත් හවුල්" යන පුවතද බොරුවක් බව ඔහු ප්‍රකාශ කළේය.

දැනට නැවත වන විනාශය සිදුවන විල්පත්තු රක්ෂිත මායිමේ මරිච්චිකට්ටු සිට සිලාවතුර දක්වා අතරමැදි ප්‍රදේශයේ ජනාවාස පැවති බවත් යුද්ධය හේතුවෙන් එහි වැසියන් 1990දී එම ප්‍රදේශ හැරගිය බවත් ඇමතිවරයා සදහන් කළේය. 1984 සිට 1990 දක්වා එම ප්‍රදේශයේ චන්ද්‍රිකා සිතියම් පෙන්වා 1990ට පෙර එහි ජනාවාස පැවති බව පෙනේන්නට නෑ නේදැයි විමසීමේදී, එම සිතියම් සත්‍ය ඒවා නොවන්නේ යැයි ඇමතිවරයා අභියෝග කර සිටියේය.

ජනතාව එම ප්‍රදේශ හැරගිය පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශ වන රක්ෂිත ලෙස ගැසට් කර ඇති බවත්, පැවසූ ඇමතිවරයා එම ගැසට් පත්‍රයද පිළිගැනීමට නොහැකි බව සදහන් කළේය.

එම වැඩසටහන සම්පූර්ණයෙන්. පහතින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com